
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම ලංගම ඩිපෝවේ රියදුරන් හා කොන්දොස්ර වරුන් 44 දෙනෙකු වහාම නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට යොමු කළ බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා පවසයි.
මෙසේ අදාළ කොන්දොස්රවරුන් හා රියදුරන් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත්තේ පුත්තලම ඩිපෝවට අයත් මන්නාරම කොළඹ බස් රථයේ කොන්දොස්තර වරයකු කොවිඩ් ආසාධිතයකු බවට සෞඛ්‍ය අංශ සනාථ කර ගැනිම හේතුවෙන් බව කියයි.
මෙම කොවිඩ් ආසාධිත කොන්දොස්තරවරයා පසුගිය 9 දින පුත්තලම ලංගම ඩිපෝවේ පැවති වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයට සහභාගී වී ඇති බවත් එදින නිරෝධායනයට ලක්කළ රියදුරන් හා කොන්දොස්තරවරුන් සමඟ ඇසුරු කර ඇති බව කියයි.
පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් .සුරේෂ් මහතා පවසා සිටියේ සිටියේ අදාළ පිරිස නිරෝධායන නීතිරිති අනුව පුත්තලම ලංගම ඩිපෝවේ බස් රථ යොදා ගනිමින් නිවෙස් වලට යවා නිරෝධායනයට යොමු කළ බවයි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.