
(ඩයනා උදයංගනී)
නිවෙස්වල මියයන පුද්ගලයින්ගේ මෘතදේහයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෞඛ්‍ය වෘත්තිකයන් වෙත කඩිනමින් ලබාදිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
නිවෙස්වල දී මියයන පුද්ගලයින්ට කොවිඞ් ආසාදනය වී ඇද්ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා එම දේහයන් පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරීමට රජය ගෙන ඇති තීරණය කිරීම යහපත් වුවත් ඒ සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු රැසක් මේ වන විට මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ මහතා පැවසීය.
මේ වන විට නිවාස ආශ්‍රිතව සිටින වෙනත් රෝගාබාධවලින් පෙළෙන අය මියගිය පසු පී.සී.ආර් පරීක්‍ෂණ කළ යුතු බවට නිර්දේශ කර තිබුණත් එහිදී සෞඛ්‍ය සේවකයන් ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ නිසි මාර්ගෝපදේශ නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.
නිවාස ආශ්‍රිතව මියයන පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්‍ෂණ කළ යුතු ආකාරය, එය රෝහලක් කරා ප්‍රවාහනය කරන්නේ කෙසේද, පී.සී.ආර් පරීක්‍ෂණය සඳහා අවශ්‍ය සාම්පල ලබාගන්නේ නිවසේදී ද නැතහොත් රෝහලකට ගෙනයනවාද, ගෙනයා යුත්තේ කුමන රෝහලටද, ගෙන ගිය පසු පී.සී.ආර් වාර්තාව එන තුරු මෘත දේහය තබාගන්නේ කෙසේද ආදී වශයෙන් ප්‍රායෝගික ගැටළු ගණනාවක් මේ වන විට බිම් මට්ටමේ මතුවී ඇතැයි කී වෛද්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙම මාර්ගෝපදේශ සකස් කළ යුතු බවද කීවේය.
එසේ නිසි මාර්ගෝපදේශ ලබානොදුනහොත් මෘත දේහය එහා මෙහා රැගෙනයාමේදීත් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් මතුවිය හැකි බව හෙතෙම පැවසීය.
COMMENTS
නිවෙස්වල මියගිය පුද්ගලයින් රෝහල්වලට ගෙන යාම අනුවණ ක්‍රියාවකි. ඔවුන්ට යම් විදිහකින් කොරෝනා වැළඳිලා තිබුණොත්, මෘතදේහම, ප්‍රවාහනය කරන පුද්ගලයන්, මග සිටින පුද්ගලයන් සහ රෝහල් කාර්ය මණ්ඩලයද නිරෝධායනය කළ යුතුයි. ගෙදරදී මිය යන පුද්ගලයින්ගේ නියැදි ගෙදරට පැමිණ ලබාගන්න ක්‍රමයකට යන්න ඕනේ.
රෝගය ආසාධිත ප්‍රදේශවල මිය යන අය PCR පරීක්ෂණයකින් තොරව නිරෝධායන නීතියට අනුව ආදාහණය කිරීම් සුදුසු බව යෝජනා කරමි.
මේක ලොකු ප්‍රශ්නයක්. ගෙවල් වලදී මිය යාම.කොරෝනා ලක්ෂණ නොපෙන්වන අය දන්නේ නැහැ නේ තමන්ට කොරෝන කියල . ඉතින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. මැරෙනකම් දන්නේ නැහැ