IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නත්තලට නිවසේම සිටින්නයි අගරදගුරුතුමෝ ඉල්ලති

(තිළිණි ද සිල්වා)

කොවිඩ් -19 වසංගත තත්ත්වයේ අවදානම හේතුවෙන් මෙවර නත්තල නිවසේ සාමාජිකයින් සමග සැමරීමට පියවර ගන්නැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කිතුණු බැතිමතුන්ගෙන් අද (17) ඉල්ලා සිටියහ.
 
වසංගත තත්ත්වය හමුවේ දැනට හුදකලා කර නොමැති ප්‍ර‍දේශවල කතෝලික දේවස්ථාන වල නත්තල් දේව මෙහෙය නිරෝධායන නිතිරීති වලට අනුව 50ගේ පමණ සහභාගීත්වයෙන් සිදුකරන බවත් , 24 වැනිදා සවස 6.00 සිට දිව්‍ය පූජාවන් පවත්වන්නැයි පියතුමන්ලාට උපදෙස් දී තිබෙන බවද කාදිනල් තුමන් මෙහිදී වැඩිදුරටත් පැවසූහ.
 
මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙයන් භාෂා ත්‍රිත්වයෙන්ම ශ්‍රී ලංකාවේ සිටින වතිකානු  තානාපති රදගුරුතුමන් හා අනිකුත් රදගුරුතුමන්ලා‍ගේ ප්‍රධානත්වයෙන් සජීවිව, විවිධ රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශනය කරන අතර බැතිමතුන්ට නිවෙස්වල සිට එයට සම්බන්ධ විය හැකි බවද කාදිනල්තුමන් කියා සිටියහ.
 
කොළඹ අගරදගුරු මැදුරේදී අද (17)  විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව ප්‍රකාශ කළහ.
 
 ඥාතීන් හමුවීම්, විනෝද ගමන්, පිරිස් එකතු වී සාද පැවැත්වීම සිදු නොකරන ලෙසත්, පවුලක් ලෙස නිවසේ සාමාජිකයින් සමග අර්ථවත් නත්තල් මංගල්‍යයක් ගත කරන ලෙසත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කිහ.
 
බස්නාහිර පළාතේ කොවිඩ් අවධානම ඉතා නරක අතට හැරී ඇති නමුත් සෙසු පළාත්වලට ද වෛරසය පැතිරයෑමේ තර්ජනය පැහැදිලිව පෙ‌නෙන්නට ඇති බැවින් , පසුගිය වතාවන්වල මෙන්ම නත්තල සැමරීමට විවිධ දෑ සිදුකිරීමට මෙවර කිසිදු ඉඩකඩක් නොමැති බව පැවසූ උන්වහන්සේ කියා සිටියේ කොළඹ සිට වෙන වෙන වෙන පළාත්වලට ගමන් කිරීම හැකිතාක් දුර සීමා කරන්නැයි බැතිමතුන් ගෙන් ඉල්ලා සිටින බවද කාදිනල්තුමන් පැවසූහ.
 
ව්‍යාජ වෙළද අරමුණුවලට හසුනොවී නත්තලේ ආධ්‍යාත්මික සතුට දිළිඳුන් සමඟ බෙදාගැනීමට කටයුතු කළ යුතු බවත් , විශේෂයෙන්ම කොරෝනා වසංගත තත්ත්වය නිසා පීඩාවට පත්වී සිටින විශාල පිරිසක් අ‍පේ රට තුළද සිටින බවත් එවැනි පවුල් වෙනුවෙන් උදව් කිරීමට පියවර ගත යුතු බවද කාදිනල්තුමන් මෙහිදී පෙන්වා දුන්හ.



අදහස් (1)

නත්තලට නිවසේම සිටින්නයි අගරදගුරුතුමෝ ඉල්ලති

Demuni Uduwara Thursday, 17 December 2020 02:08 PM

නුවණට හුරු අවවාදයක්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 72 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 872 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site