(ලලිත් නවරත්න)
හලාවත නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තරුණියකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමෙන් පසුව ප්‍රදේශයේ තවත් ග්‍රාම සේවා කොට්ඨාස 4ට අයත් 42 දෙනෙකු ස්වයං නිරෝධායනය කළ බව නාත්තන්ඩිය කොට්ඨාස සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී උපුල් ජයතිලක මහතා පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති 26 හැවිරිදි තරුණිය කන්දකාඩුහි පිහිටි මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් සඳහා වූ පුනරුත්පානය කිරීමේ මධ්‍යස්ථානයේ උපදේශිකාවක් වශයෙන් සේවය කර තිබේ.
ඇය නිවාඩුවක් සඳහා එහි සිට පොදු ප්‍රවාහන සේවා ඔස්සේ කුරුණෑගල සිට හලාවත,මාරවිල, හරහා පදිංචි කොට්ටරාමුල්ල පිහිටි තම නිවසට පැමිණ ඇත.
ඇයගේ පැමිණීමෙන් පසවු ඇය ඇසුරු කළ සහ අවශ්‍යතා සඳහා ගිය නිවෙස් හා ව්‍යාපාරික ස්ථාන පිහිටි කොස්වත්ත, කොට්ටරාමුල්ල, කලුගල්ලෑව, තුන්මෝදර යන ග්‍රාමසේවා ප්‍රදේශවල 42 දෙනෙකු මේවනවිට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
ආසාදිත තරුණිය අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඊයේ දිනයේදීම අයි. ඩී. එච් රෝහලට ඇතුළත් කර ඇති අතර නිවසේ වාසය කළ ඇයගේ මවගේ සහ පියාගේ ජෛව සාම්පල පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති.
ඒවායේ ප්‍රතිඵල අද (10) පස්වරුවේ ලැබීමට නියමිත බව සෞඛ්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. මෙම අවදානම් අවස්ථාවේ සියලු ප්‍රදේශවාසීන් උපදෙස් දී ඇති පරිදි නියමිත සෞඛ්‍ය පුරුදු නීතිරීති පිළිපදිමින් අත්‍යාවශ්‍ය කටයුත්තකට හැර නිවසින් බැහැරට නොයා වගකීමකින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.
එලෙසම නීතිය කඩකරන්නාවු පුද්ගලයන් සඳහා නිසි ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසටද පොලීසියෙන් ඉල්ලා සිටී.
2025 ඔක්තෝබර් මස 08
1349
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1261
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නාත්තන්ඩියේ 42 ක් ස්වයං නිරෝධායනයට