(අමදෝරු අමරජීව)
 
නැගෙනහිර පළාතේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් 32ක් තවදුරටත් වසා තැබෙන බව ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය  කීවාය.

ඒ අනුව කාත්තන්කුඩි කලාපයේ පාසල් 25ක්, කල්මුණේ කලාපයේ පාසල් 05ක්  තිරික්කෝවිල්  කලාපයේ එක් පාසලක්  හා අම්පාර  කළාපයේ එක් පාසලක් මෙලෙස  තව දුරටත් වසා තැබෙන බව ආණ්ඩුකාරවරිය කීහ.

කොවිඩ් 19 වසංගතය නිසා මෙම ප්‍රදේශ තවදුරටත් හුදෙකලා කර තිබීම පාසල් වසා තැබිමට හේතු වී තිබේ.

මේ අනුව මෙම පාසල් 32 හැර සෙසු ප්‍රදේශවල පාසල් හෙට (11) සාමාන්‍ය පරිදි ආරම්භ වන බවද ආණ්ඩුකාරවරිය කිය.

පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හා පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුකාරවරිය මෙම අදහස් පල කළහ.