IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දළදා මාළිගාවේ කටයුතු සුපුරුදු පරිදිම

(චමිල් රූපසිංහ)
 
මහනුවර ශ්‍රී දළදා මාළිගා පොලීසියේ නිලධාරීන් පිරිසකට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබුණත් දළදා මාළිගාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිසිවෙකුට කෝවිඩ් ආසාදනය වී නැති බවත් දළදා මැඳුරේ දෛනික කටයුතු සුපුරුදු පරිදි සිදු කරන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
 
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළසේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙසේ පැවසුයේ අද (18) මාළිගාවේ කාර්ය මණ්ඩල කෝවිඩ් ආසාදනය වී ඇති බව පවසමින් සාවද්‍ය ප්‍රචාරයක් යන බැවින් ඒ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කරමිනි.
 
මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ දළදා වහන්සේ උදෙසා කරනු ලබන දෛනික තේවා කටයුතු තේවා බාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය විසින් සිරිත් පරිදි සිදුකරන බවත් සාමාන්‍ය ජනතාවට දළදා මාළිගාව වෙනදා මෙන් විවෘත කර තිබෙන බවත් දියවඩන නිළමේවරයා කීය.
 
දළදා මාළිගාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් සියලු දෙනා ඇන්ටිජන් පරික්ෂණයට ලක්කළ බවත් කිසිවෙකුටත් කොවිඩ් ආසදනය වී නොමැති බව හෙළිවූ බවත් කී නිලමේවරයා පොලිස් ඒකකයේ නිලධාරීන් පිරිසකට කොවිඩ් ආසාදනය වී තිබුණත් දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් කොවිඩ් ආසාදනය වී නොමැති බවත් මාළිගා පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක්කර තිබෙන බවත් අවධාරණය කළේය.
 
දළදා මාලිගා පොලීසියේ 29 දෙනෙකුට අද (18) වන විට කොවිඩ් ආසාදිත බව තහවුරුව තිබේ. දළදා මාළිගා පොලීසියේ සියලු දෙනා නිරෝධායනයට යොමු කිරීමෙන් පසු මහනුවර පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 185 දෙනෙකු දළදා මාළිගා පොලීසියේ සේවයට යෙදවූ බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පැවසීය.



අදහස් (2)

දළදා මාළිගාවේ කටයුතු සුපුරුදු පරිදිම

[email protected] Tuesday, 19 January 2021 12:34 AM

අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහති නිරෝධායනයට ලක්කළ බව කියවේ. නමුත් පසුගියදා දළදා මාලිගාවට ගොස් නායක ස්වාමීන් වහන්සේලා පවා මුණගැසුණු බව අප දැක්කෙමු. දළදා මාලිගාව අත්‍යාවශ්‍ය රාජකාරීන් හැර අන් සියලු දේ සඳහා දින 90 කට වසා දැමීමට කටයුතු කිරීම සලකා බැලිය යුතුවේ.

:       0       0

සුනිල් සමරවීර Tuesday, 19 January 2021 05:03 AM

සුපුරුදු පරිදි කිව්වේ අහිංසක බැතිමතුන්ව විකුණන් කන එක වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site