
(හර්ෂණ තුෂාර සිල්වා)
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලට අනුව පසුගිය සඳුඳා සිට බ්‍රහස්පතින්දා දක්වා කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන 39,727කි.
ඉන් වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ගණනක් කර ඇත්තේ පසුගිය බදාදා (28) වැනිදා වන අතර එදින කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන 11,552කි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලට අනුව ඉකුත් පෙබරවාරි මාසයේ 18 වැනිදා සිට මේ මස 29 වැනිදා දක්වා කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන 490,563කි.
එම දත්තවලට අනුව ඔක්තෝබර් (26) වැනිදා පී.සී.ආර්. පරීක්ෂණ 9,619ක් ද (27) වැනිදා 8,831ක් ද (28) වැනිදා 11,552ක් ද කර ඇති අතර ඊයේ (29) කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ගණන 9,725කි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මෙරට මධ්‍යස්ථාන 25ක පී.සී.ආර්. යන්ත්‍ර ස්ථාපිත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd