( ප්‍රියානි මංගලිකා )     
            
හෙට්ටිපොළ සිය කාර්යාලයයේදී  කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු  මේ වන විට  ප්‍රතිකාර  ලබන  අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා හමුවීමට  එදින එම කාර්යාලයට  ගිය නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ  පුද්ගලයන් හත් දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් 30ක් පමණද  නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.


මේ අනුව රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් හතරක් ඇතුලු එම පවුල් වල අයස,කොටවෙහෙර ප්‍රාදේශීය පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඔවුන් ගේ පවුල් වල අයද මෙලෙස ස්වයං නිරෝධායනයට ලක් කළ බවද කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.      


දයාසිරි අමාත්‍යවරයා හමුවීමට මෙම පුද්ගලයන් හත් දෙනා මෙදින එම කාර්යාලයට ගොස් මහජන දිනයට සම්බන්ධ වී ඇතිබව අනාවරණය වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

නිරෝධායනයට ලක් කළ පිරිස් වලට පී.සී.ආර් .පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවද ,මෙම පිරිසට අවශ්‍ය උපදෙස් ලබා දී ,ඔවුන් ගේ නිවෙස් තුළම නිරෝධායන ලක් කර ඇති බවද ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත්  සඳහන් කළේය.