
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මහ නගර සභාවට අයත් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි මාළු වෙළඳ සැල් සංකීරණය අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාව අද(25) දින තීරණය කර තිබේ.
දඹුල්ල මාළු වෙළඳසැල සඳහා මසුන් රැගෙන එන ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය කියයි.
දඹුල්ල මහා නගර සභාවට අයත් මාළු වෙළෙඳ සංකීර්ණයේ පුද්ගලයන් 10දෙනෙකුගේ අහඹු ලෙස පිසිආර් පරීක්ෂණ සිදුකළ බව නාගරික සෞඛ්‍යය ඒකකයේ නිලධාරියෙක් පැවැසීය.
දඹුල්ල සති පොළ විවෘත කොට තිබුණද ජනතාවගේ පැමිණීම 70% කින් පමණ අඩු වී තිබුණු බව වෙළෙන්දෝ පවසති. එහෙත් දඹුල්ල සතිපොළේ උදෑසනම බොහෝ සංචාරක වෙළෙන්දන් සෞඛ්‍ය ආරක්ෂිතව මුඛ ආවරණ පැළඳීමකින් තොරව තම අලෙවි කටයුතු සඳහා සූදානම් වන අයුරු දැකගැනීමට හැකි විය.
සති පොළට පැමිණි බොහෝ පාරිභෝගිකයෝ වෙළෙන්දන්ට දැඩි ලෙස දොස් පරොස් නගන්නට වූයේ ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳව කොතෙක් ජනමාධ්‍ය මගින් දැනුවත් කළ ද සංචාරක වෙළෙන්දන් ඒවා නොතකා ඉතා අනාරක්ෂිත ලෙස සති පොළට පැමිණ භාණ්ඩ අලෙවි කිරීම හේතුවෙනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.