(එස්. ඩී.කොඩිකාර)

දෙනියාය පොලිස් බල ප්‍රදේශයේ දෙනියාය වත්ත පහළ කොටසේ කොරෝනා ආසාදිත කාන්තාවක් හමු වීමත් සමඟ ඇගේ පවුලේ අය ඇතුළු  ආශ්‍රිතයන් 36 කු නිරෝධානයට යොමු කර වෙළඳසැල් 05 ක් වසා දැමීමට සෞඛ්‍යය අංශ පියවර ගත්තේය.

මෙම කොරෝනා ආසාදිත කාන්තාව  (56) දෙනියායේ  සිට පොදු ප්‍රවාහන සේවා භාවිතා කර,  ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට එන්නතක් විදගැනීම සඳහා ගිය අවස්ථාවේදී  එහිදී කළ ඇන්ට්‍රිජන් පරීක්ෂාවේ දී ඇයට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබූ බව සෞඛ්‍යය අංශ පවසයි.