IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි.

(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතවූ තවත් 71 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.

මෙය එක් දිනකදී සිදුවූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව වේ.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2,704 ක් දක්වා ඉහළ ගොස් ඇත. පිරිමි අය 33 දෙනෙක් සහ කාන්තාවන් 38 දෙනෙක් මියගිය අය අතර වෙති.

මියගිය අයගෙන් 57 දෙනෙකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 13 දෙනකු සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඊයේ මියගොස් ඇත.

 



අදහස් (12)

දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි.

මහසෙන් Tuesday, 22 June 2021 08:31 PM

බුද්ධී අංශ විසිනුත් මේ වාර්තාව තහවුරු කලා ද?

:       1       100

Rata Perata Wednesday, 23 June 2021 03:12 AM

මේක මහදැනමුත්තට පෙන්නන්න. නියම බයිලා ටිකක් කියවයි.

:       1       21

kawindu Wednesday, 23 June 2021 04:00 AM

දැන් කාවද අල්ලගන්නේ? මේවා ඉස්සර ඡන්දෙ කාලේ නොකියා හිටපුවා වෙන්න බැරිද?.. ඒකෙනුත් අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...

:       1       17

Siri Wednesday, 23 June 2021 04:21 AM

ලංකාවේ බුද්ධි අංශ ගැනද ඔය අහන්නේ? අර නයා බෝතලයට දාපු කෙනාගෙන් අහන්න...

:       1       4

මුණසිංහ Wednesday, 23 June 2021 07:00 AM

සංචරණ සීමා තවත් ලිහිල් කරමු. තවත් උද්ඝෝෂණ කරමු පාරට බැහැලා. තව ටිකක් ඇවිදිමු. එහෙම කරල අපිත් මේ රෙකෝඩ් එක කඩමු...

:       159       2

සිරිබිරිස් Wednesday, 23 June 2021 08:06 AM

ඔය වාර්තා දීපු අය ගෙන්නලා හොඳටම බැනලා (බොරු රඟපෑමක් කරලා) ... ප්‍රස්තාර පෙන්නලා ඕක වෙනස් වෙයිද?

:       1       6

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 23 June 2021 08:23 AM

එදා කව්දෝ කෙනෙකු සද්දේ දැම්මේ වැඩිවීම් ගැන.. ඒ ගැන කටයුතු කළ කෙනෙකුව මාරු කළේ. මාරුකරාට, වෙන කෙනෙකු පත්කරාට එහෙනම් කොහොමද 71 කේ සංඛ්‍යාව ආවේ. සංඛ්‍යාව කුමක් වුවත්, මැරෙන ජීවිත ගණන නිසා තමයි එය වැඩිවන්නේ. කොරෝනා විතරක් නෙමේ නේ. දැන් මොනතරම් අසාධ්‍ය තත්ත්වයේ ප්‍රශ්න වලට ජනතාවට මුහුණ දෙන්නට සිදුවෙලාද තියෙන්නේ... පව්.. අපේ රටේ මිනිස්සු ...

:       1       22

සඳුන් Wednesday, 23 June 2021 09:01 AM

සුදත් සමරවීර මාරු කිරීම ප්‍රශ්නයට විසඳුම වගෙයි නේද සර්' ?

:       1       3

Sri Lanka Wednesday, 23 June 2021 12:25 PM

ලොකු එක්කෙනාට කොරෝනා හැදුණාම නමත් එක්ක පින්තූරයක් දානවා..ඔය අනිත් අයගෙත් සම්පූර්ණ විස්තර දාන්නකෝ.

:       3       20

Chris Wednesday, 23 June 2021 12:25 PM

ජූනි මාසය මුලදී දින 10කට පුද්ගලයන් 500ක් මිය ගොස් ඇති අතර ඊට පෙර දින 13කදී 500ක් මියගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි?

:       1       8

ලලිත් එම් Wednesday, 23 June 2021 02:23 PM

වාර්තා මහසෝනා ලවා තමයි බලවන්න වෙන්නේ. ඉන්න හැම එකාටම දඬුවම් දෙනවනේ කට ඇරපු ගමන්.

:       1       31

fairoos Wednesday, 23 June 2021 02:57 PM

දැන් කාවද මාරු කරන්න යන්නේ්...?

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site