IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දකුණේ ආසාදිතයන් ගණන 600 පනී


 (ජේ.කේ.එල් චාමින්ද)
 
දකුණු පළාතේ කොඩිව් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 639 දක්වා වැඩිවී ඇති බැව් දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පවසයි.
 
ඊයේ (19) දිනය තුල පමණක් දකුණු පළාතෙන් කොරෝනා ආසාදිත රෝගින් 54ක් වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොරානා ආසාදිත රෝගින් 52ක් මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් රෝගින් එක බැගින් වාර්තා වී ඇති බවද  ඒ මහතා පවසයි. ඊයේ (19) දින ගාල්ල මහනගරසභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 08 දෙනෙකු, ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  රෝගින් 40 දෙනෙකු, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින්02නෙකු  බලපිටිය හා අක්මිමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රොගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද චාමර මහගමගේ මහතා පවසයි.
 
වැලිගම හා තංගල්ල යන සෞඛ්‍ය වෛද්‍යනිලධාරි කොට්ටාශවලින් රෝගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇති බවද  ඒ මහතා පවසයි. මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව 392දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 199ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 48 දෙනෙකු වාර්තා වී ඇත.
 
රෝගින් 258 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බව පවසන චාමර මහගමගේ මහතා  ගාල්ල දිස්ත්‍රික්කයෙන්  රෝගින් 167 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයෙන් 68 දෙනෙකු හා හමබන්තොට දිස්ත්‍රික්කයෙන් රෝගින් 23 සුවය ලබා නිවෙස්වලට ගොස් ඇති බවද  හෙතෙම පවසයි.මේ වන විට දකුණු පළාතේ පවුල් 1541කට අයත් පුද්ගලයින් 2816 දෙනෙකු  නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 



අදහස් (0)

දකුණේ ආසාදිතයන් ගණන 600 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site