
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් ගණන 244 කි.
කොළඹ 13 සහ මාතලේ ප්‍රදේශවල පදිංචි 82 සහ 84 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක්ද, හංවැල්ල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි 47 සහ 65 හැවිරිදි පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්ද මිය ගිය අය අතර වෙති.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.