කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (14) රෝගීන් දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 154 කි.

අද දිනයේදී මියගොස් ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.