කොරෝනා වයිරසය ආසාදිතයින් හය දෙනෙකු අද (04) හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2834 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද හඳුනාගත් ආසාදිතයින් 6 දෙනා සෞදි ආරාබියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වූ 7 දෙනෙකු අද (04) සුවය ලැබීමත් සමඟ සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 2524 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව තවත් රෝගීන් 299 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.