මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලට අද (6) පස්වරු 8.35 වනවිට එක්වූ ආසාදිතයන් 269 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 521 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, එම පොකුරුවල සමස්ත ආසාදිතයන් ගණන 42,498 දක්වා ඉහළ ගොස් ඇත.

අද රාත්‍රියේදී අලුතින් හඳුනාගත් ආසාදිතයන් සියලු දෙනා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයෝ වෙති.