(පද්මා කුමාරී කංකානම්ගේ )
කතෝලික බැතිමතුන්ගේ නොමද ගරු බුහුමනට ලක්වන, ශ්‍රී ලංකාවේ ප්‍රකට කතෝලික දේවස්ථානයක් වන තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවර සීමිත බැතිමතුන් සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බව ශාන්ත ආනා දේවස්ථානයේ මීසම් පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමා නිවේදනය කර සිටියි.
දැනට රටේ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය පදනම් කර ගනිමින් සෞඛ්‍ය අංශවල නිදේශයන්ට ගරු කිරීමක් වශයෙන් මෙම තීරණය ගත් බව පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
ඒ අනුව සාම්ප්‍රදායික කොඩි ගස එසවීම සහ දිනපතා නුවාන නොපැවැත්වේ. බැතිමතුන්ට පුදබිමේ කඳවුරු බැදීම ද සිදු කළ නොහැකි බවත් අගෝස්තු 2 වැනි ඉරුදින උදෑසන හතට සාම්ප්‍රදානුකූල මංගල්‍ය දේව මෙහෙය පැවත්වීමට නියමිතය.
හලාවත රදගුරු අති උතුම් දේව ධර්මාචාර්‍ය වැලන්ස් මෙන්දිස් සහ යාපනය රදගුරු අති උතුම් දේව ධර්මාචාර්‍ය ජෝෂප් ජස්ටින් යන රදගුරු වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මෙම දේව මෙහෙය පැවැත්වේ.
සිංහල සහ දමිළ බසින් පැවැත්වෙන මෙම දේව මෙහෙය සදහා සීමිත බැතිමතුන් පිරිසක් සහභාගීවනු ඇත.
අඩු ආදායම්ලාභී අසරණ පවුල්වල දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ආණ්ඩු
වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කළු
ලොව ප්‍රධානතම සහ අති නවීණතම මුළුතැන්ගෙය සහ නාන කාමර කට්ටල නිෂ්පාදකයෙක් වන ‘කෝලර්’ නිෂ්පාදන ප්‍රදර්ශනාගාරයක් නුගේගොඩ, නාවල පාරේ අංක 126 ස්ථානයේ විවෘත ක
හෙට පාර්ලිමේන්තුව රාත්‍රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංග
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
තලවිල මංගල්‍ය බැතිමතුන්ට සීමා කරයි