IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


තත්පර 17 කට වරක් යුරෝපයෙන් කොරෝනා මරණයක්

 

නව කොරෝනා වයිරසය හේතුවෙන් සෑම තත්පර 17 කට වරක්ම යුරෝපයේ අයකු මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූජ් මහතා පැවැසීය.

කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් යුරෝපා මහද්වීපයේ ජාතික සෞඛ්‍ය පද්ධතිවලට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි ද හෙතෙම පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය ප්‍රධානී වෛද්‍ය හාන්ස් ක්ලූජ් බ්‍රහස්පතින්දා, එනම් ඊයේ (19) මෙම කරුණු සඳහන් කළ අතර ඒ වනවිට යුරෝපයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 15.7 ඉක්මවා තිබිණි. මේ මාසයේදී පමණක් යුරෝපයෙන් වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන හතරකි. යුරෝපයෙන් මේ වනවිට වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 355,000කි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය සංවිධානය සාමාජික රටවල් 53කින් සමන්විත ය.සාමාජික රටවලින්, රටවල් 80කට වැඩි සංඛ්‍යාවකින් දෛනිකව ශීඝ්‍ර වේගයකින් වයිරස ආසාදිතයන් හමු වන්නේ යැයි ද වෛද්‍ය හාන්ස් ක්ලූජ් පැවැසීය.

‘‘රෝහල්වල ඇඳන් පිරෙමින් තිබෙනවා. වයිරස ආසාදිතයන් වැඩි වෙමින් තිබෙනවා. දැඩි සත්කාර ඒකකවල පහසුකම් ද සීමා වෙමින් තිබෙනවා. දැත් සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරෙමින් තිබෙනවා’’ යැයි ද හෙතෙම කීය.

යුරෝපා කලාපයේ රටවල ආණ්ඩු පැනවූ සීමාවලින් යහපත් ප්‍රතිඵලයක් අත් වී ඇතැයි ද ඔහු කීවේය. යුරෝපයේ රටවල් බොහෝමයක් පසුගිය සති කිහිපයේදී නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දැඩි සීමා පැනවීය.

මීට සති දෙක තුනකට කලින් සතියකට වයිරස ආසාදිතයන් මිලියන 2 ඉක්මවා වාර්තා වූ බවත් පසුව එම ගණන් අඩු වූ බවත් වෛද්‍ය ක්ලූජ් කීය. කෙසේ නමුත් පසුගිය සතියේදී වයිරස ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත් අවසන් සතියේදී වාර්තා වී ඇති වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.8ක් බවත් ඔහු කීවේය.

‘‘එන්නත් කිහිපයක්ම සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. එය මේ වයිරසයට එරෙහිව යුද්ධයේදී විශාල බලාපොරොත්තුවක්’’ යැයි ද හෙතෙම කීය.

‘‘දැඩි ලොක්ඩවුන් සීමා පැනවීම අවසන් විසඳුම හා විකල්පයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. කොහොම නමුත් ලොක්ඩවුන් සීමා පැනවීමෙන් සිදුවන හානි වැඩියි. එවැනි සීමා ආර්ථික ප්‍රශ්න පමණක් නොව තවත් විවිධ අංශවල ප්‍රශ්න ඇති වෙනවා. මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු ඇතිවෙනවා. ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙනවා. මුඛ ආවරණ භාවිතය 95%ක් තරම් ඉහළ අගයක් ගන්නවා නම් ලොක්ඩවුන් කරන්න අවශ්‍ය නැහැ’’ යැයි ද වෛද්‍ය ක්ලූජ් කීවේය.

ලොක්ඩවුන් සීමා පනවා ඉතා ඉක්මනින් ඒවා ඉවත් කිරීමෙන් ද අහිතකර බලපෑමක් සිදු වන්නේ යැයි ද ඔහු කීය. එබැවින් ප්‍රජා සම්ප්‍රේෂණය සලකා බලා මට්ටම් සහ යම් ක්‍රියාවලියකට ලොක්ඩවුන් සීමා පැනවිය යුතු බව ද හෙතෙම පැවැසීය.පාසල් විවෘත කර තැබීම අත්‍යවශ්‍ය බව ද වෛද්‍ය ක්ලූජ් අවධාරණය කළේය.

‘‘දරුවන්ගෙන් වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අඩුයි. ඒ නිසා වයිරසය පාලනය සඳහා පාසල් වසා දැමීමේ අවශ්‍යතාවක් නැහැ. පාසල් වසා දැමීමෙන් ඵලදායී ප්‍රතිඵල අත් වෙනවා කියා සලකන්න බැහැ’’ යැයි ඔහු කීය.

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් සලකා බලන රටවල් එහි අහිතකර ප්‍රතිවිපාක, මානසික සහ සමාජ සුබසාධනය, විශේෂ අවශ්‍යතා අවශ්‍ය දරුවන් යනාදී කරුණු සම්බන්ධයෙන් විමසිලිමත් විය යුතු යැයි ද වෛද්‍යවරයා කීවේය.

නත්තල සම්බන්ධයෙන් ද වෛද්‍යවරයා අදහස් දැක්වීය.

‘‘මේ පාර නත්තල බෙහෙවින් වෙනස්. එහෙත් සතුට නැතිවෙනවා කියන දේ එයින් අදහස් වෙන්නේ නැහැ. අපිට නත්තල සමරන්න පුළුවන්. හැබැයි එය වෙනස්. අපි සමාජ දුරස්ථභාවය තබාගෙන අන්තර්ජාලය හා විඩියෝ තාක්ෂණය ඔස්සේ රාමසාන් සහ දීපවාලී උත්සව සැමරුවා’’.

රොයිටර්/ඒ.එෆ්.පී.

055  



අදහස් (0)

තත්පර 17 කට වරක් යුරෝපයෙන් කොරෝනා මරණයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

‘ෆයිසර්’ එන්නතට වැඩ වරදින ලකුණු
2024 ජුනි මස 19 1673 0

අතුරු ආබාධ ඇතිවිමේ අවදානම දැන දැනත්, ඒ බව වසං කරමින්, ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම, ඔවුන්ගේ එන්නත් ජනතාවට ලබා දුන්නේ යැයි චෝදනා කරමින්, ඇමෙරිකාවේ කැස්සා


හජ් වන්දනාවේ ගිය 550 ක් මියගිහින්
2024 ජුනි මස 19 913 0

මෙවර හජ් වන්දනා සමයේ, ඊට සහභාගී වූ ඉස්ලාමීය බැතිමතුන් 550 දෙනකු දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් සහ හජ් වන්දනාවේ දී සිදුවුණු තෙරපීම් හේතුවෙන් මියගොස් ඇති බ


පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතුයි
2024 ජුනි මස 18 267 0

පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතු බවත්, ඉන්දියාවට සහ පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි චීනය සතු බවත්, ලෝකයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ස්වීඩන පර


පුටින් උතුරු කොරියාවේ
2024 ජුනි මස 18 1770 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.


මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී
2024 ජුනි මස 18 12291 7

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් ස


කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා
2024 ජුනි මස 17 2920 2

දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1344 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3064 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2511 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site