(සුජිත් හේවාජුලිගේ )

ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ පිට පළාත්වල වසංගත ආකාරයෙන් තවමත් පැතිර ගොස් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

මේ අතර කොළඹ නගරයෙන් හමුවන ආසාදිතයන්ගෙන් සියයට අනුවක්ම ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ අය බවට අනුමාන කළ හැකි යැයිද හෙතෙම සඳහන් කළේ‍ය.

කොළඹින් පිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල තවමත් පැතිර ඇත්තේ භයානක නැති, අඩු සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඇල්ෆා වයිරස ප්‍රභේදය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය පවසයි.