IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජර්මනිය බදාදා සිට අගුලු දමයි

 

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජර්මනිය බදාදා (16) සිට ජාතික වශයෙන් අගුලු දමන බව ජර්මනියේ රාජ්‍ය නායිකාව වන ඇන්ජෙලා මාර්කල් මහත්මිය නිවේදනය කර තිබේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් සහ පාසැල් ජනවාරි 10 වනදා දක්වා වසා තැබෙනු ඇත.අවන්හල් සහ මත්පැන් අලෙවිහල් දැනටමත් වසා දමා ඇති අතර සමහර ප්‍රදේශ, ප්‍රාදේශීය වශයෙන් අගුලු දමා තිබේ.අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සහ ගිනිකෙළි ද්‍රව්‍ය විකිණීම තහනම්කර තිබේ.කෙසේවුවද බැංකු සහ අත්‍යාවශ්‍ය වෙළඳසැල් විවෘතව පවතින බව ජර්මන් රජය පවසයි.

රටේ ප්‍රාන්ත 16ක නායකයින් හමුවීමෙන් පසු මෙම පියවර නිවේදනය කරමින් මාර්කල් මහත්මිය කියා සිටියේ "වැඩිවන ආසාදන හමුවේ හදිසි පියවර ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවයි."

ජර්මනියේ දෛනික මරණ සහ ආසාදන වාර්තාගත ලෙස ඉහල ගොස් තිබේ.පසුගිය පැය 24 තුළ නව ආසාදන 20,200ක් වාර්තා වී ඇති අතර මේ වනවිට ජර්මනියෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1.3කි.

පසුගිය දිනය තුළ පමණක් කොරෝනා රෝගීන් 321ක් මියගොස් ඇති අතර සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 21,787ක් බව බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනය පවසයි.සත්කාරක මධ්‍යස්ථාන, කොරෝනා පරීක්ෂණ සිදුකරන ස්ථාන බවට පත් කර ඇති බවද ඔවුහු පවසති.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

ජර්මනිය බදාදා සිට අගුලු දමයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 December 2020 01:28 AM

අපද බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ විගස එම ප්‍රදේශ වලට නිසි ගතයුතු ක්‍රියාමාර්ග ගත්තේ නම්,අද මේ කරදර කිසිවක් අපට නැහැ. ඒත්,කුමන හෝ හේතුවක් නිසා එම බ්‍රැන්ඩික්ස් පොකුර වර්දනය වීමට කොවිඩ් මාරයාට රිසිසේ ඉඩ හැර තිබුණා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 297 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site