IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට වහලා

(නිමල කොඩිතුවක්කු සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට (15) දිනයේ වසා දැමීමට තීරණය කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

එම ආයතනයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන පරිශ්‍රය විශබීජහරණය කිරීමෙන් පසු අනිද්දා (16) දිනයේ සිට සාමාන්‍ය පරිදි කටයුතු සිදුවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

එබැවින් හෙට 15 දා රාජකාරි සඳහා කිසිවකු නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට නොපැමිණෙන ලෙසත් ඒ වෙනුවෙන්  වෙනත් දිනයක් හා වේලාවක් 225 අංකයට අමතා ලබා ගන්නා ලෙසත් එහි සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා සේවාලාභීන්ගෙන් ඉල්ලා සිටි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ආසාදිතයා හා ගැටුණු සමීපතමයින් සොයා  නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර සේවාලාභීන් කිසිවකු භිය නොවී තම රාජකාරී සඳහා පැමිණෙන ලෙස සභාපතිවරයාද ජනතාවට දන්වා සිටී.



අදහස් (0)

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හෙට වහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 695 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site