චීන ජනතාවට ‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදීමට එරට බලධාරීන් තීරණය කර ඇත.
කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය, එන්නත බෙදාහැරීම සහ එන්නත විදීම යනාදී එන්නත්කරණයට අදාළ සියලු වියදම් ජනතාවගෙන් අය කර නොගන්නා බවත් අදාළ වියදම් වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් සහ රාජ්‍ය මුදල්වලින් පියවා ගන්නා බවත් චීනයේ ජාතික සෞඛ්‍ය සේවා ආරක්ෂක පරිපාලනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලි තාඕ මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.
එන්නත්වලට අනුමැතිය ලැබුණු විගස එය ජනතාවට ලබාදෙන බව ද සියලු දෙනාට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එන්නත ලබාගත හැකි බව ද හෙතෙම කීය. මේ අනුව කිසිදු පුරවැසියකු ‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීම සඳහා මුදල් නොගෙවිය යුතු බව ද රටවැසියන්ගේ ජීවිතයට මුල්තැන යන ප්‍රතිපත්තිය යටතේ මෙලෙස නොමිලේ එන්නත ලබාදෙන බව ද ඔහු කීය.
‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදීමෙන් වෛද්‍ය රක්ෂණ අරමුදලේ දැනට ලබන ආදායම් හෝ වියදම්වලට හෝ සහ නේවාසිකයන්ට කරන ප්‍රතිකාරවලට අදාළ වියදම්වලට බලපෑමක් නොවන බව ද හෙතෙම පැවැසීය.
‘කොවිඩ්-19’ එන්නත නොමිලේ ලබාදීම මඟින් සාමාන්‍ය නිෂ්පාදනය සහ ජීවිතයට මහජනතාවට ඇති විශ්වීය ඇති අයිතිය සහ ආරක්ෂාව සුරක්ෂිත වන බවත් ලි තාඕ තවදුරටත් කීය.
බීජිංහිදීය (ෂිංහුවා ඇසුරිනි)
ඡායාරූපය - රොයිටර්
055
චීනය කැලැඹීමෙන් පසු, වියට්නාමයට කඩා වැදුණු ‘යාගී’ සුළි කුණාටුව එරට 14 දෙනෙක් බිලිගත් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම 2024 වසරේ ආසියානු කලාපයට කඩා වැදුණු දරුණු
මොළයට හානි කරන නව වයිරසයක් ගැන චීන විද්‍යාඥයෝ අනතුරු අඟවති. චීන විද්‍යාඥයන් මෙම වයිරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වයිරසය’ යනුවෙනි.
ගිනිකොණදිග සුඩානයේ, වෙළෙඳපොළකට, ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් සිවිල් වැසියන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 70 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
නයිජීරියාවේ ඉන්ධන බවුසරයක්, තවත් වාහන කීපයක ගැටී, ගිනිගෙන පිපිරී යෑමෙන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 100 ඉක්මවයි.
ජල ගැලීම් හේතුවෙන් හටගත් ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් සිවු දෙනකු මියගොස් 14 දෙනකු තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි.
තෙදින සංචාරයකට ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට ගිය ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන කොංග්‍රස් පක්ෂයේ නායකයා මෙන්ම ඉන්දියාවේ විපක්ෂ නායකයා ද ව
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
චීන වැසියන්ට කොවිඩ්-19 එන්නත නොමිලේ