
චීන ආර්ථිකය නැවත වරක් වර්ධනයක් පෙන්නුම් කර ඇත.
නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතය හේතුවෙන් චීන ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්විය.
කෙසේ නමුත් චීන ආර්ථිකය මේ වනවිට නැවත වරක් වර්ධනය වීමට පටන් ගෙන ඇතැයි එරට නිල සංඛ්‍යා දත්ත පෙන්වාදෙයි.
පසුගිය වසරේ දෙවැනි කාර්තුව හා සැසඳීමේදී මේ වසරේ දෙවැනි කාර්තුවේදී චීන ආර්ථිකය සියයට 3.2කින් වර්ධනය වී ඇත. එනම් මේ වසරේ ජූනි මාසයෙන් අවසන් වූ මාස තුනක කාලයේදී දළ දේශීය නිෂ්පාදිතය සියයට 3.2කින් වර්ධනය වී ඇතැයි චීනයේ සංඛ්‍යා දත්ත පිළිබඳ ජාතික කාර්යාංශය සඳහන් කරයි.
මේ වසරේ පළමු කාර්තුවේදී චීන ආර්ථිකය සියයට 6.8 කින් කඩා වැටිණි. චීන ආර්ථිකය 1992 වසරෙන් පසු එවැනි හැකිළීමකට ලක්වූ පළමු අවස්ථාව එය වේ.
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත්තේ චීනයෙන් යැයි ද සැක කෙරේ.
(රොයිටර්)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd