IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගාල්ලේ සියලු සතිපොළවල වෙළඳුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට

(ජේ.කේ.එල් චාමින්ද)
 
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සතිපොළවල්වල වෙළදුන් සදහා ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ  සිදුකරන බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
 
මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ කොව්ඩි-19 වසංගතය පැතිරියාමේ මුලිකයා බවට සතිපොළ වෙළදුන් පත්ව ඇති බවද හෙතෙම පවසයි. පවතින තත්වය හමුවේ පිටිගල, නියාගම, තවලම, නෙළුව, ඕපාත, පිටබැද්දර යන සතිපොළවල්වලින් භාණ්ඩ මිලදිගැනීම තාවකාලිකව නතර  කරන ලෙස පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි.  මෙම තත්වය පාලනය කරණතුරු තාවකාලික පියවරක් ලෙස සතිපොළවල්වලට ගොස් වෙළදාම් කිරීමෙන් වැළකීසිටින ලෙස වෙළදුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පවසයි.  
 
භාණ්ඩ මිලදි ගැනීමේදී පාරිභෝගිකයින් පවුලේ සියලුදෙනා සමග  සතිපොළවලට යන බවද, සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශවලට පටහැනිව කටයුතු කිරීමේ තත්වයක් දක්නට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. එමෙන්ම  මේ දක්වා අහඹු පි.සි.ආර් පරික්ෂණවලට ලක්නොවු වෙළදුන් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට දුරකථන ඇමතුමක් ලබාදි පි.සි ආර් පරික්ෂණ සිදුකරගන්න ලෙස ඉල්ලීමක් කරණ බවද ඒ මහතා පවසයි.
 
මේ පිළිබද අදහස් දක්වමින් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා මෙසේද කිවේය.
 
"සතිපොළවල්වල වෙළදාම් කරණ වෙළදුන් පි.සි ආර් පරික්ෂණවලට ලක් කිරිමෙන් පසු   නැවත වතාවක් දින 14කට පසු දෙවැනි පි.සි ආර් පරික්ෂණය සිදුකරණවා. තවලම හා නෙළුව යන සතිපොළවල්වල  කොවිඩ් වසංගතය  පැතිරිම සදහා පිටිගල ප්‍රදේශයේ වෙළෙන්දෙකු  හේතුවුනා. පසුගිය 08 වැනිදින තමයි එම වෙළෙන්දාට කොවිඩ් ආසාදනය වි ඇති බවට හදුනාගනු ලැබුවේ. ඔහු තොග වෙළදාම් කරණ අයෙක්. 400ක පමණ පිරිසක් සමග මෙකි වෙළෙන්දා ගනුදෙනු කර තිබුණා" යැයිද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (0)

ගාල්ලේ සියලු සතිපොළවල වෙළඳුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 682 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site