IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාල්ල බන්ධනාගාරයේ ආසාදිත රැඳවියන් 35ක් ප්‍රතිකාරවලට යොමුකර නැහැ

(ඩි.ජී.සුගතපාල)

ගාල්ල බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත කාන්තා රැඳවියන් 35 දෙනා ප්‍රතිකාර සඳහා  අද (08) දහවල් වනතුරුම රෝහල් වෙත ගෙන ගොස් නැතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතා පැවසීය.

ඉකුත් 5 වනදින බන්ධනාගාරයේ කාන්තාවක්ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා  6වනදින බන්ධනාගාරය තුල සිදු කරන ලද පී.සී.ආර්.පරික්ෂණවලදි මෙම කාන්තා රැඳවියන් 35දෙනාට සහ කාන්තා නියාමකවරියන් තිදෙනෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇත.

මෙම පිරිස බන්ධනාගාර රැඳවියන් නිසා ආරක්ෂිත ස්ථානයකට ගෙන යා යුතු බවය. මේ පිළිබඳ කටයුතු සිදුවන්නේ කොළඹින් ලැබෙන උපදෙස් අනුව බවත්, කෙසේ වෙතත් මේ වනවිට  හික්කඩුව ආරච්චිකන්ද රෝහලට සහ කරන්දෙණිය රෝහලට ඇතුලත් කිරිම සම්බන්ධයෙන් සළකා බලමින් සිටින බවත්, කරන්දෙණිය රෝහලට අනුයුක්තව හමුදා අනුඛණ්ඩයක් පිහිටුවා ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතා වැඩිදුරටත් පැවසීය.


බන්ධානාගර නිලධාරියෙකුගෙන් විමසුවිට කියා සිටියේ මෙම කාන්තා රැඳවියන්ගෙන් වැඩි දෙනා මත්ද්‍රව්‍ය ඇතුලු වෙනත් වැරදි  සම්න්ධයෙන් චෝදනා ලබා සිටින අය බවයි.එබැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වියයුතු බවද එම නිලධාරියා පැවසීය.



අදහස් (0)

ගාල්ල බන්ධනාගාරයේ ආසාදිත රැඳවියන් 35ක් ප්‍රතිකාරවලට යොමුකර නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site