(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව නගරයේ වෙළදසැල් දෙකක සේවය කරන සේවකයන් දෙදෙනෙකුට කොරෝනා වැළදිමේ හේතුවෙන් නගරයේ වෙළද සැල් 18 ක් අද(20)දින වසා දමා තිබේ.
මෙම කොරෝනා ආසාදිතයන් අකුරණ ප්‍රදේශයේ පදිංචි 22 හා 26 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.
අකුරණ සිට ගලෙන්බිදුණුවැව නගරයට පැමිණි පුද්ගලයන් 30 දෙනෙකු පිසිආර් පරික්ෂණයකට ලක්කල බවත් ඉන් මෙම පුද්ගලයන් දෙදෙනාට කොරෝනා වයිරසය වැළදි ඇති බව තහවුරු බවද අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ තේජන සෝමතිලක මහතා අප කළ විමසුමේදි පැවසිය.
ඒ අනුව අද (20)දින සිට ගලෙන්බිදුණුවැව නගරයේ වෙළද සැල් 18 තාවකාලිකව වසා දමා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd