IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගුරුවරියකට කොරෝනා නිසා හැටන් පාසලක් වසාදමයි

(රංජිත් රාජපක්ෂ)

හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පාසලක ගුරුවරියකට කොවිඩ්-19 වයිරසය අසාදනය වී ඇති බවට තහවුරු වු නිසා එම පාසල විෂබීජහරණය කරන තෙක් අද(16) දින සිට තාවකාලිකව වසා දැමු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවැසූහ.
 
ආසාදිත ගුරුවරිය සහ ඇයගේ පෙම්වතා හදිසියේ ඇති වු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඊයේ(15) දික්ඔය මූලික රෝහල වෙත ගිය අවස්ථාවේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට භාජනය කර ඇත. එහිදි ගුරුවරියට සහ ඇයගේ පෙම්වතාට කොවිඩ් -19 අසාදනය වී ඇති බවට තහවුරු වු බවත්, ගුරුවරිය වලපනේ සහ පෙම්වතා බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කීහ.
 
ආසාදිත ගුරුවරිය ඉතා ආසන්න දිනයකදි පාසලේ ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති බවත්, ඇය 6 වසරේ සිට 11 වසර දක්වා පන්ති සදහා ඉගැන්වීම් කටයුතු සිදු කරන බව තහවුරුවී ඇති බවත් ඔවුහු පැවසුහ.
 
එම පාසලේ ළමුන් 1000ක් පමණ අධ්‍යාපනය ලබන අතර ආචාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන්විත වෙයි. ඒ අනුව පාසල තාවකාලිකව වසාදැමීමට පියවර ගෙන තිබේ.



අදහස් (2)

ගුරුවරියකට කොරෝනා නිසා හැටන් පාසලක් වසාදමයි

Awantha Tuesday, 16 February 2021 03:17 AM

සිසුවාව එල්ලලා ගුරුතුමියව පුච්චන්න කියයිද දන්නේ නෑ කිංග් කැකිල්ලේ...

:       0       1

Siri Perera Tuesday, 16 February 2021 05:43 AM

මමත් ගුරුවරියක් සමඟ විවාහ වුණා. නමුත් විවාහ වනතුරු පෙම්වතුන් ලෙස හැසිරුණේ නැත.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site