(ටෝනි කරුණානායක)
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයකු ලෙස කටයුතු කරන අයෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු පදිංචි ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ පවුල් 04 කට අයත් පුද්ගලයන් 21 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමින්ද සමරදිවාකර මහතා අද (14) වැනිදා පැවසීය.
කොරෝනා වයිරසය ආසාදනය වූ එම උපදේශකවරයා රෝහල් ගත කර ඇති බවත් නිරෝධායනය සඳහා යොමු කළ පිරිස ඉදිරියේ දී පී.සී.ආර් .පරීක්ෂණය සඳහා යොමු කරන බව සමරදිවාකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd