IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගම්පහ රෝහලේ 11 කට කොරෝනා

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙහි ඇතුලු 11 දෙනෙකුට කොරෝනා රෝග තත්ත්වය ආසාදනය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

මේ අතුරින් කොවිඩ් මර්දන එන්නත ලබා නොගත් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බව කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසූ අතර මංගල උත්සවයකට සහ අවමංගල්‍යයකට සහභාගිවූ පිරිස් දෙකකින් රෝග තත්ත්වය ආසාදනය වීම සිදුව ඇති බව අනාවරණය වී ඇතැයිද කීය. 

ආසාදිතයින් අතර හෙදියන් දෙදෙනෙකු, සුළු සේවා පාලක තිදෙනෙකු, සංවර්ධන නිලධාරිනියක සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පස් දෙනෙකු වෙති.

මේ අතර ගම්පහ තවත් සෞඛ්‍ය කාර්යාල දෙකකින්ද ආසාදිතයින් කිහිප දෙනෙකු හමුව ඇත.

 



අදහස් (0)

ගම්පහ රෝහලේ 11 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site