IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගම්පහ මහ රෝහලේ සේවකයෙකුට කොරෝනා

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ සේවය කරන සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු කොරෝනා  ආසාදිතයෙකු බව තහවුරු වී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙහි සේවය කරන ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව අනාවරණය වී ඇත.

මෙම සේවකයා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසුව රෝහලෙහි ප්‍රාථමික දැඩි සත්කාර ඒකකයේ ඔහු ඇසුරු කළ සෞඛ්‍ය කාර්ය සහායකයින් 7දෙනෙකු නිරෝධානය කිරීමටත් එම ඒකකයේ සේවයෙහි නිරත වෛද්‍යවරුන් 30 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයෙහි 70 දෙනෙකු පමණ දෙනා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර මීට පෙර මෙම රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකයෙහි සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකු කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වීම මත එම ඒකකයේ 17 දෙනෙකු නිරෝධානයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර කාර්ය මණ්ඩලයේ පිරිසක් පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද එම ප්‍රකාශකයා සදහන් කළේය.

ළමා ප්‍රතිකාර ඒකකයෙහි සේවය කරමින් සිටි එම වෛද්‍යවරයා මිනුවන්ගොඩ ඇගලුම් කම්හලෙහි සේවිකාවන් පිරිසකට පෞද්ගලිකව ප්‍රතිකාර ලබාදී ඇති අතර එම සේවිකාවක් කොරෝනා රෝග ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.



අදහස් (0)

ගම්පහ මහ රෝහලේ සේවකයෙකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site