
(ටෝනි කරුණානායක)
ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් ප්‍රදේශවල පදිංචි හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් 21 දෙනෙකු රෝහල් ගත කිරීම සඳහා කටයුතු කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පවසයි.
මිනුවන්ගොඩ යකහටුව ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලේ සේවය කරන ලද හඳුනාගත් එම රෝගීන් මාකවිට, බොල්ලත, පහලයාගොඩ,ඔරුතොට, වැලිවේරිය - ගල් ඔලුව , මිරිස්වත්ත ,
පහළගම, ඉහලගම සහ පරකන්දෙනිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශයේ මැදිහත්වීම මත ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් ප්‍රදේශ රැසක පවුල් 16 ක පදිංචිකරුවන් අද (07)වන විට නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර තිබේ.
COMMENTS