(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (3) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 817 දෙනෙකු හමුව ඇති බවත් ඉන්134 දෙනෙකු වන වැඩිම පිරිස බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම මහර - 133 ක්, අත්තනගල්ල - 90 ක්, ගම්පහ - 87 ක්, ජාඇල - 53 ක්, කැලණිය - 51 ක්, වත්තල - 49 ක්, රාගම - 45 ක්, දොම්පෙ - 44 ක්, දිවුලපිටිය - 39 ක්, මීගමුව - 33 ක්, කටාන - 24 ක්, මීරිගම - 20 ක් සහ මිනුවන්ගොඩ - 15 දෙනෙකු වශයෙන් සිදුව ඇති බවද අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 23 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 326 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇත. රෝහල් ගත කොට ඇති සැක සහිත රෝගීන් සංඛ්‍යාව 148 දෙනෙකි.
නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 16,416 දෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd