IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ගම්පහින් ආසාදිතයන් 2424ක් වාර්තා වෙයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 2424 දෙනෙකු හමුව ඇති බවත් මින් 266 දෙනෙකු වන වැඩිම පිරිසක් මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මට්ටමින් ආසාදිතයින් හමුවීම ගම්පහ කොට්ඨාසයෙන් - 215 ක්, බියගම - 203 ක්, දොම්පෙ -198 ක්, ජාඇල - 181 ක්, වත්තල - 174 ක්, කැලණිය - 156 ක්, මිනුවන්ගොඩ - 151 ක්, කටාන - 149 ක්, සීදූව - 147 ක්, දිවුලපිටිය - 141 ක්, මීගමුව - 123 ක්, රාගම - 120 ක්, මීරිගම සහ අත්තනගල්ල කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් 100 වශයෙන් සිදුව ඇත.

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින් 69 දෙනෙකු හමුව ඇති බවත් එම කාලය තුල දිස්ත්‍රික්කයෙහි රෝහල් වෙත ආසාදිතයින් 424 දෙනෙකු සහ සැක සහිත රෝගීන් 52 දෙනෙකු රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බව වෙබ් අඩවියෙහි සඳහන්ය.

දිස්ත්‍රික්කයෙහි රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 468 දෙනෙකු වන අතර නිවාසයන්හි ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 30,329 දෙනෙකි.

 



අදහස් (1)

ගම්පහින් ආසාදිතයන් 2424ක් වාර්තා වෙයි

ජයවික්‍රම Friday, 20 August 2021 10:44 AM

ගම්පහ මිනිස්සුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය කොහෙන්වත් පාත් වුණු මිනිස්සු අද ගම්පහ මිනිස්සුන්ට පස්ස හරවාගෙනයි ඉන්නේ...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site