IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ගෙදරට කොරෝනා ගේන්න එපා’

 

(දයාසීලි ලියනගේ)

‘ගෙදරට කොරෝනා ගේන්න එපා.’ සෞඛ්‍ය අංශ රටේ ජනතාවට අලුතින්ම ඉදිරිපත් කර ඇති තේමා පාඨය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

නිවසින් පිටව යන පුද්ගලයින් පොදු ප්‍රවාහන සේවයේ ගමන් ගැනීම වෙළඳසැල්වලට යාම, ඥාතී නිවෙස්වලට යාම හා උත්සව වලට සහභාගී වීම නිසා නිවසේ සිටින දරුවන් හා වැඩිහිටියන් අනාරක්ෂිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සඳහා මෙන්ම තේමා පාඨය යටතේ අවශ්‍ය උපදෙස් යළි නිකුත් කර ඇතැයි වෛද්‍ය අලුත්ගේ මහතා කීය.

නිවසින් පිටව ගොස් ආපසු නිවසය පැමිණිමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරිම අනිවාර්ය වන බවද ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (7)

‘ගෙදරට කොරෝනා ගේන්න එපා’

චමිල Friday, 17 July 2020 11:25 AM

ගෙදරට ගේන්න කලින් කොරෝනා රටට ගේන එක නවත්තන්න.. සේරම සිද්ද වුණාට පස්සෙනේ එයාපෝට් වැහුවේ... ඕක මුල ඉඳලාම වහලා තියලා ඉගෙන ගන්න ගිය ළමයි, ගැබිණි කාන්තාවන් වගේ අය විතරක් ගෙන්නවලා අනිත් අය ගේන එක නැවැත්තුවා නම් අදටත් ලංකාවේ කොරෝනා නෑනේ.. කොරෝනා වැඩිපුරම ආවේ මැදපෙරදිග, බංගලිදේශේ, මාලදිවයිනේ ඉඳලා ආපු අයගෙන්.. ඉස්සරහට කොරෝනා ඉවරයක් වෙනකම් රට ඉන්න අය ගේන එක නවත්තන්න.

:       486       406

චමීරFriday, 17 July 2020 01:32 PM

හරියට හරි චමිල... කන්න නෑ, බොන්න නෑ කියලා කොරෝනා අරන් මෙහෙ දුවගෙන එනවා. ඊට පස්සේ මෙහෙ ඉන්න අහිංසක මිනිස්සුයි විඳවන්න ඕනේ.. මුලින් ඉතාලි, කොරියන් අය පස්සේ මැදපෙරදිග අය.. එක්කෝ එම්බසි හරලා එයාලට කෑම බීම හරි දීලා ලංකාවට ගෙන්වන්නෙ නැතුව හිටිය නම් මේ ප්‍රශ්නේ අද නෑ.. රට ඉන්න අයටත් වගකීමක් තියනවා කොරෝනා අරන් මෙහෙ දුවන් එන්නේ නැතුව ඉන්න. ලංකාවේ ඉන්න මිනිස්සු පලි නෑනේ.. එයාලට එහෙ ජොබ් නෑ.. කන්න නෑ කියලා. එයාලා ලංකාවට ආවොත් මෙහෙ ඉන්න මිනිස්සුන්ටත් විඳවන්න වෙනවානේ.. අනිත් වැරැද්ද කලේ ආණ්ඩුව.. රට ඉඳලා එන අය නිරෝධායන, කඳවුරුවල නිරෝධායනය කළා, ඒවගේ වැඩකරන අයට නිවාඩු දීලා ගෙදර යැව්වා..

:       203       125

සමිත සේනක අලුත්ගමගේ.Saturday, 18 July 2020 03:02 AM

චමිල මහතා, චමීර මහතා, මේකනේ කාරණේ... ඕනෑම දේකදී වෘත්තීය දැනීම හා පළපුරුද්ද අවශ්‍ය වෙනවා. ඒක සැවොම දන්නා කාරණයක්.. ඒත්, තුන්වන ලෝකයේ ඇතැම් රටවල, ඇතැම් දේශපාලන අංශ මේ ගැන කිසිඳු තැකීමක් කරන්නේ නැහැ. නීතිය හදාරා ඇති අයව වෛද්‍ය විද්‍යාවේ පරිපාලන තනතුරු සඳහා පත්කරනවා. වෛද්‍ය අංශ කියන දේවල් ඒ අයට වැටහෙන්නේ නැහැ.

:       0       1

BamunuarachchiTuesday, 21 July 2020 04:15 AM

මොකක්ද මේ දෙබඩි කතාව.?

:       0       0

අසරණ රට වැසියා Friday, 17 July 2020 04:34 PM

"ගෙදරට කොරොනා ගේන්න එපා" - ඕන්න හැදුවා ආදර්ශ පාඨයක්, අනේ දෙයියනේ මේ අපි ජීවත් වෙන රටද? - මනුෂ්‍ය බුද්ධීයට නිගාදෙන මේ වගේ රටක් ලෝකේ වෙන කොහෙවත් තියෙයිද?

:       0       1

Sarath Friday, 17 July 2020 04:43 PM

ඔය පුනරුත්ථාපන කඳවුරේ හිටිය දොස්තරලා මුලු කඳවුරටම කොරෝනා හැදෙන කං මොකද කරේ? කට ඇරියම සියල්ල දත්. හැබැයි අර මුලු කඳවුරටම කෙලවෙලා රටටත් කෙලවුනේ ඒකේ හිටිය ඔය සංගමේ සාමාජික දොස්තරලාගේ වරද හින්දා. නොසැලකිල්ල හින්දා. ඔය සංගමය කරන්නේ කයිය ගහන එකයි, වර්ජනය කරන එකයි විතරයි.

:       0       0

Sam Saturday, 18 July 2020 04:50 AM

එතකොට කන්දකාඩුවල ඉන්න කුඩුගහපු අයත් රට ඉඳලාද ආවේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 254 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site