(තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද ( 28 ) උදෑසන වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 51,217 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 423 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
මින් 59 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර දිස්ත්‍රික්කයේ සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් - 58 ක්, දොම්පෙ - 50 ක්, වත්තල - 38 ක්, මහර - 36 ක්, මීරිගම සහ ජාඇල කොට්ඨාසයන්ගෙන් 26 බැගින් , දිවුලපිටිය සහ අත්තනගල්ල කොට්ඨාසයන්ගෙන් 25 බැගින් , කැලණිය - 20 ක්, මීගමුව - 17 ක්, රාගම - 16 ක්, ගම්පහ සහ කටාන කොට්ඨාසයන්ගෙන් 11 බැගින් සහ සීදූව පස් දෙනෙකු වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 20 දෙනෙකු හමුව ඇති බවත් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 16, 592 ක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් සංඛ්‍යාව 3,16,354 දෙනෙකි.
COMMENTS