
(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාවේ සේවක කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද පස්වරුව වන විට 200 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එම නගර සභා ආරංචි මාර්ග අනාවරණය කරයි.
නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 170 ක්, නාගරික ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 20 ක්, නාගරික ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 6 ක්, නාගරික ලේකම් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයන් 2 ක්, නාගරික මුද්‍රණාලයෙන් සහ නාගරික තක්සේරු දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයා බැගින් ද කොළඹ මහ නගර සභාවේ සේවක කොරෝනා ආසාදිතයන් මේ වන විට වාර්තා වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd