
(තිලකරත්න දිසානායක)
කොළඹ මැනිං වෙළඳපොළ ආශ්‍රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසක් නිරෝධායනය පිණිස වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රයෙහි සිටියදී ඉන් 20 දෙනෙකු, කොවිඩ් 19 ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සදහන් කරයි.
එම පරිශ්‍රයෙහි නාට්ටාමිවරුන් 112 දෙනෙකු සහ යාචකයින් 8 දෙනෙකු නිරෝධානය පිනිස යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් මින් 20 දෙනෙකු මෙලෙස කොවිඩ් ආසාදිතයින් බව හදුනාගෙන ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ අතර අද (24) සවස 4.00 වනවිට ගතවූ පැය 24 කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24 දෙනෙකු බව සදහන් කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා කියා සිටියේ, අද සවස වනවිට දෙවන රැල්ලේ දිස්ත්‍රික්කයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4949 දෙනෙකු වන බවය.
අද සවස වනවිට දිස්ත්‍රික්කයෙහි , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ රෝහල් මගින් පී.සී.ආර් පරීක්ෂාවට ලක් කර ඇති මුළු සංඛ්‍යාව 73,840 දෙනෙකි.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
351
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොළඹ මැනිං වෙළඳපොළේ නාට්ටාමිවරුන් - යාචකයන් 20 කට කොරෝනා