(සුජිත් හේවාජුලිගේ )

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන්  විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය .

දිවයින පුරා ආසාදිතයින්ගෙන් ලබාගත් වයිරස  නියැදි පරීක්ෂා කිරීමෙන් මේ බව අනාවරණය වන්නේ යැයිද  හෙතෙම සඳහන් කළේය.

කොළඹ සාම්පල 10 ක ඩෙල්ටා  ආසාදනය වූ දෙන්නෙකු තුන් දෙනකු සිටිනවා නම් සියයට 30 ක ප්‍රතිශතයක් ලෙස එය ගෙනහැර දැක්විය හැකි බවත් කොළඹ ප්‍රදේශයේ සියයට  විස්සත් තිහත් අතර සංඛ්‍යාවක් ඩෙල්ටා  ප්‍රභේදයේ  අය විය හැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද දැනුම් දී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.