(බන්දු තඹවිට)
 
කළුතර සේරුපිට සිවිල් ආරක්ෂක කඳවුරේ 20 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය.
 
මීට දින කීපයකට පෙර එම සිවිල් ආරක්ෂක කඳවුරේ 200 ක පමණ පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරව එම පිරිසෙන් 20 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාධනය වී ඇති බව වාර්තා වී ඇත.
 
මෙම තත්වය තුල එම රෝගීන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර එම සිවිල් ආරක්ෂක කඳවුර තුල කොරෝනා රෝගය පැතිරීම වැළැක්වීමට කඳවුරේ ප්‍රධානීන්ට උපදෙස් ලබාදීමට කටයුතු කළ බවද කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී.සිංහබාහු මහතා වැඩිදුරටත් පැවසීය.