IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොවිඩ්-19 එන්නත 95,550 කට

 

(හර්ෂණ තුෂාර සිල්වා)

‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වනවිට මෙරට 95,550 දෙනකුට ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රසෙනකා ‘කොවිඩ්-19’ ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දී ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයට අනුව අද (1) දිනයේ දී පමණක් ‘කොවිඩ්-19’ එන්නත ලබාදුන් ගණන 36,396 කි.  

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ දෙවැනි දිනයේ දී 32,539 දෙනකුට සහ තෙවැනි දිනයේ දී 21,329 ලබාදුන් බව ද එම ඒකකය පවසයි.

මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ මුල් දිනයේ දී මුල් පෙළ සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 5,286 දෙනකුට එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ සමත් විය.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රසෙනකා සමාගමේ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාවේ සේරම් ආයතනය ද නිෂ්පාදනය කරන අතර මෙරට ගෙන්වන ලද්දේ ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත ය.

ඉන්දියාවේ නිෂ්පාදිත ‘කොවිඩ්-19’ එන්නත එරට ‘වැක්සීන්මෛත්‍රී’ වැඩසටහන යටතේ අසල්වැසි රටවලට නොමිලේ ලබා දේ. ඒ අනුව ඉකුත් දා ඉන්දියාව ප්‍රදානය කරන ලද ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා ලක්ෂ පහක් මෙරටට ගෙන්වන ලදි.

මේ අතර චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් කොවිඩ්-19 එන්නතෙන්, මාත්‍රා ලක්ෂ තුනක් මෙරටට පරිත්‍යාග කරන බව චීනය ඉකුත් දා නිවේදනය කළේය.

මෙරට ‘කොවිඩ්-19’ එන්නත්කරණ ප්‍රතිශක්තීකරණ වැඩසටහන ආරම්භ වූයේ ඉකුත් (29) වැනිදා ය.



අදහස් (1)

කොවිඩ්-19 එන්නත 95,550 කට

jayasekara Tuesday, 02 February 2021 04:49 AM

සර් අසමත්ලු...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site