(හර්ෂණ තුෂාර සිල්වා)
‘කොවිඩ්-19’ වයිරසය මර්දනය සඳහා ඉන්දියාවෙන් එන්නත් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අද (6) පැවැසීය.
‘අසල්වැසියාට මුල්තැන’ සිය විදේශ ප්‍රතිපත්තිය යටතේ ඉන්දියාව , කොවිඩ්-19 මර්දනය සඳහා ශ්‍රී ලංකාවට සහාය දුන් බවත් ශ්‍රී ලංකාව ද ඉන්දියාවට පෙරළා සහාය දුන් බවත් හෙතෙම කීය.
එන්තත් බෙදාහැරීම යනාදි එන්නත්කරණයට අදාළ අංශයේ දී ජාත්‍යන්තර සහයෝගීතාව ඉතා වැදගත් බව එය සිය වගකීමක් ලෙස සලකා කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදා මහතා ද පවසා ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීවේය.
තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් එම කරුණු සඳහන් කළේය.
කොවිඩ්-19 වසංගත සමයේදී රටවල් දෙකම බැරෑරුම් සහ පොදු අභියෝගවලට මුහුණ දුන් බවත් ඒ අතරම මෙම වසංගතය රටවල් දෙකට පෙරටත් වඩා සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දුන් බවත් හෙතෙම පැවැසීය.
මෙරට සිර වී සිටි ඉන්දීය ජාතිකයන් නැවත ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා දුන් සහාය කෘතඥව සිහිපත් කරන බව ද ඔහු කීය.
මේ වනවිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පශ්චාත් කොවිඩ්-19 සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කර ඇතැයි ද ඔහු කීය.
ඉන්දියව සහ ශ්‍රී ලංකාව වර්තමානය වනවිට ‘කොවිඩ්-19’ වසංගතයෙන් පසු යථා තත්ත්වයට පත් වීමේ අභියෝගයට මුහුණ දී ඇති බවත් මෙය මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නොව ඒ හා සමාන ආර්ථික අර්බුදයක් බවත් හෙතෙම පැවැසීය.
පසුගිය මාස කිහිපයේදී ඉන්දීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වන බව ට ස්ථීර ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් එය ශ්‍රී ලංකාවට ද ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවත් ඉන්දීය විදේශ අමාත්‍යවරයා තවදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් හොඳ බෙහෙතක් ගන්න රටේ වත්කමක් නැහැනේ..., ඔක්ෆර්ඩ්, ෆයිසර්, වැනි එන්නත් ගන්න මුදල් නැති නිසාත් ඇල්ටෝ, මරුටි වැනි වාහන මෙන් අපි ඉන්දියාවේ එන්නත ගහමු... උන්නත් එකයි, මලත් එකයි, 225 ජීවත් වුනොත් හොඳටෝම ඇති.
එන්නතකට වැයවන්නේ USD 2 ක් පමණ AstraZeneca ඒ මුදල වියදම් කර හෝ හැකි අයට මුදල් ගෙවා ලබාගන්න දෙන්න පුළුවන්කමක් රජයට නැද්ද?
ඇත්ත කියන්න, අපි දැන් ඉන්දියානු කිරීටයට අයිති යටත් විජිතයක් නිසා අපි කියන තැන් වලින් බෙහෙත් ගන්න කිව්වා නේද?
ඉන්දියාවේ එන්නත ගැන මුලු ලෝකයම සැකෙන් වගේ බලන්නේ... මොකද මෙම එන්නත පිළිබඳව පැහැදිලි පරීක්ෂණ, වාර්තා කිසිම දෙයක් අපැහැදිලි බවයි... ලෝක සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ. අනේ ඉතින් අපිට මේ ජරාව බලෙන් පොවන්න වගේ හදන්නේ. අපේ රටට ගිය කලක්...
ඉන්දියාව සහ චීනය ගැන තමයි අපේ තීරණය.
ඉන්දියාවෙන් ලාබ බාල එකක් එනකල් තමයි කමිටු පත්කර කර, මුට්ටි දම දමා, පැණි බිබී හිටියේ.
හොඳ ගාණක් කොමිස් ගහයි... රටට බුදුසරණයි... ආණ්ඩුවට දෙවි පිහිටයි.