(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 61 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,847ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 47 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 14 දෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 25 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 36 දෙනෙක් ද වෙති

COMMENTS
මේ සංඛ්‍යා ලේඛන සත්‍ය නම් භයානක තත්වයක් කොරෝනා ආසාධිතයන්ගෙන් 8-9%ක ප්‍රමාණයක් මිය යනවා..