(අජන්ත කුමාර අගලකඩ)
කොවිඩ් 19 දෙවන රැල්ලක් ඒම වැළැක්වීමට නම් සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
කොවිඩ් 19 වයිරසය හමුවේ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ උපදෙස් මාලාවක් නිකුත් කර ඇතැත් බෙහෝ දෙනෙකු එම උපදෙස් අනුගමනය නොකරන බවක් පෙනෙන්නට තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මාස ගණනාවක් වසා තිබූ රට විවෘත කරනු ලැබුවේ ප්‍රධාන කාරණා තුනක් සඳහා බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවෙස්වල කටයුතු කර ගැනීම දෛනික කටයුතු පවත්වාගෙන යෑම සහ ආර්ථික කටයුතු වලට ඉඩකඩ සැලසීම එම කාරණා බවද කීවේය.
එසේ වුවද ඇතැමුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුගත නොවී හිතුවක්කාරී ලෙස කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බවද ඔහු සඳහන් කළේය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් වාර්තා වී ඇතත් එය සමාජයට පැතිරයාම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් එක්ව වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද ඔහු කීවේය.
COMMENTS
සියළු දෙනා එකාවන්ව ක්‍රියාකරමු...