IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොවිඩ් තුන්වෙනි රැල්ලේ දී ගැබිනි මවුවරු 30ක් මරුමුවට

(සුජිත් හේවාජුලිගේ)

ගැබිනි මවුවරුන් 30 දෙනකු කොවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භ වීමෙන් පසු මේදක්වා කොවිඩ් වැළඳී මරුමුවට පත්ව ඇතැයි සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

මෙයින් වැඩි පිරිසක් බස්නාහිර පළාතේ පදිංචිකාරියන් බවද ඇය සඳහන් කළාය.

කොවිඩ් ආසාදනයවීමෙන් ගැබිනි මවුවරුන් මියයෑම වැඩිවෙමින් තිබෙන තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරිය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ පැතිරීම නිසා මරණ සංඛ්‍යාව මෙලෙස වේගවත් වන්නට ඇතැයි සැක කළ හැකි බවද කීවාය.

මේ තත්වය හේතුවෙන් ගැබිනි මවුවරුන් දැඩි පරිස්සම්කාරී ලෙස කටයුතු කළ යුතු බවත් අත්‍යවශ්‍යම කාරණයකට හැරෙන්නට වෙනත් කිසිදු හේතුවකට නිවෙස්වලින් බැහැරට නොයන ලෙස එම මවුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළාය.

ගර්භණී මවුවරුන් සිටින නිවෙස්වල සෙසු අයද මේ කාලයේදී දැඩි පරිස්සම් සහගත ලෙස කටයුතු කිරීම වැදගත් බවද ඇය පැවසුවාය.

මේ අතර රටපුරා ගර්භණී මවුවරුන්ගෙන් සියයට 75 කට පමණ ආසන්න පිරිසක් කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාවද සීමිත සංඛ්‍යාවක් දෙවැනි මාත්‍රාවද ලබාගෙන ඇති බව පැවසූ අධ්‍යක්ෂවරිය කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් ගර්භණී මවුවරුන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයිද ප්‍රකාශ කළාය.

ගර්භණී මවුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම සුදුසු බවට සෙඛ්‍ය අමාත්‍යාංශයද පසුගියදා නිර්දේශ කළේය.

 



අදහස් (1)

කොවිඩ් තුන්වෙනි රැල්ලේ දී ගැබිනි මවුවරු 30ක් මරුමුවට

Sriland Friday, 27 August 2021 12:44 PM

හැම මගුලකටම කොරෝනා ආදේශ කරලා, දැන් කවුරු මැරුණත් කොරෝනා කියලා ඇඟ බේරෙනවා... ස්තුතියි..!!! 

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site