
(ජී.ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 09 සේවයේ නියුතු හෙද නිලධාරිනියන් පස්දෙනකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (24) තහවුරු වූ බව රෝහල් අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
මේ බව අනාවරණය වී ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා සිදුකරනලද පීසීආර් පරීක්ෂණයේ අද (24) නිකුත්වූ වාර්තාවලට අනුව ය.
මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතාගෙන් විමසීමේදී ඒ මහතා පැවසූයේ මේ හේතුවෙන් අංක 9 දරන වාට්ටුව වසාදැමීමට තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් අවශ්‍ය සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුව කටයුතු සිදු කරන බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd