(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොරෝනා වෛරසය හේතුවෙන් මහමග පුද්ගලයන් මිය යන බව සංවිධානාත්මකව අසත්‍ය  ප්‍රචාරය කළ තවත් පුද්ගලයන් 29 සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ඒ අතර ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්තාවක් සහ ජපානයේ පදිංචි පුද්ගලයෙක් ද වන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

මෙරට පදිංචි පුද්ගලයන් 27 දෙනෙකු හඳුනාගෙන, අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි අජිත් රෝහණ මහතා කීය.

මෙම අසත්‍ය ප්‍රචාරය කළ කඩුගන්නාව සහ හන්තාන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයිද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පරීක්ෂණ මෙහෙයවනු ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.