IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොරෝනා වයිරසය ගලහටත් යයි

(ඩබ්ලිව්.ඒ. අසේල)

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කළ ගලහ ලෙවලන් වත්ත මනිකට්ටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඇයට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණය අනුව අද දින (7) තහවුරු වී ඇත.

එම කම්හලේ සේවය කළ තවත් තරුණියක්ද සමග පසුගිය දිනක ඇය තම ගම් ප්‍රදේශයට පැමිණ ඇති අතර ගලහ දක්වා බස් රථයකින් පැමිණ එතැන් සිට ත්‍රී රෝද රථයකින් ඔවුන්ගේ නිවෙස් වලට ගොස් ඇත.

එක් තරුණියකට කොවිඩ් රෝගයේ මූලික ලක්ෂණ පහළ වූ බැවින් දෙදෙනාම ඊයේ (6)  දින මහනුවර මහ රෝහලේදී පි.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ අතර එක් තරුණියකට වෛරසය ආසාදනය වී නොමැති බවත් අනෙක් තරුණියට වෛරසය ආසාදනය වී ඇති බවටත් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

ඇය ගමන් කළ බස් රථය හා  ත්‍රී රෝද රථය ගලහ පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර ත්‍රී රෝද රථයේ  රියදුරු  නිරෝධායනයට යොමු කොට ඇති අතර ඇය භාණ්ඩ මිලදී ගැනීමට ගිය ගලහ නගරයේ වෙළඳ සැලක්ද මේ වන විට වසා දමා එම ව්‍යාපාරිකයාද නිරෝධායනයට ලක්කොට ඇත. 



අදහස් (0)

කොරෝනා වයිරසය ගලහටත් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site