(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය.
එම මරණ 48 ත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,147ක් දක්වා ඉහළ ගියේය.
මියගිය පුද්ගලයන් අතර පිරිමි 30 ක් සහ කාන්තාවෝ 18 ක් වෙති.
මියගිය පුද්ගලයන් 36 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර 12 දෙනකු අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd