(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 41දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,702 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 23 දෙනෙක් සහ කාන්තාවෝ 18 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 29 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 12 දෙනකු ද වෙති.
COMMENTS
පසුගිය කාලේ කොරෝනා වැළඳුණු ආසාධිතයින් අඩුවක් පෙන්නුවාට මැරෙන ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවක් නැහැ. ඒ කියන්නේ කරන PCR ප්‍රමාණය අඩු නිසා ආසාධිතයින් අඩුයි. මගේ අදහස නම් නිවැරදි සෞඛ්‍ය නීති නිසි ලෙස පිළිපැදලා හැකි සෑම අවස්ථාවකම නිවසට වී සිටීම තමයි වැදගත්...