කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය.

ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 290 ක් දක්වා ඉහළ ගියේය.

අද මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පිරිමි පුද්ගලයකු සහ ගෝනපොල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවකි.